Gossips

ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් ක්‍රියා විරහිත වෙයි

කසකස්ථානයෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා පිටත්ව ගිය ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේ ක්‍රියාවිරහිත වී තිබෙනවා.
කෙසේ වෙතත්, එය යළි ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම රොකට් යානය තුළ ඇමරිකානු සහ රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් මාස 6ක් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ රැදී සිටීමට නියමිතව තිබුණා.