ගං වතුර හේතුවෙන් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපොළ ලබන 29 වන දින යළි විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම පවසනවා.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුර හේතුවෙන් කොචින් ගුවන් තොටුපොළ වසා දැමීම නිසා ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් නවතා දමන්නට බලධාරීන්ට සිදුවුණා.
