Gossips

ගංවතුරේ මසුන් අල්ලන්න ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

හොරණ කැකුලළිය විහාරස්ථානය අසල ගංවතුරේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද උදෑසන 10.40 ට පමණ ලැබුනු තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ඊයේ සවස 5 ට පමණ දැලක් ද රැගෙන මසුන් ඇල්ලීම සඳහා යන බව පවසා නිවසින් පිටව ගිය බව ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා.
මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර හොරණ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.