Gossips

ගංවතුරට කොටුවූ ගොවීන් 10 ක් බෙරාගැනීමට කළ මෙහෙයුම

වැලිකන්ද රුවන්පිටිය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී ගසක් මතට නැග සිටි ගොවියන් 10 දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.
මාදුරු ඔය සහ කුඩා ඔය පිටාර ගැලීම හේතුවෙන් ගොවීන් මෙලෙස ගංවතුරට කොටුවී සිට ඇති බවටයි වාර්තා වන්නේ.
රිදී පොකුණ සිවිල් ආරක්ෂක බලකාය, වැලිකන්ද යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ වැලිකන්ද ආපදා කළමනාකරණ ඒකකය ගම්වාසීන් සමඟ එක්ව සිදුකළ පැය 4 ක පමණ මෙහෙයුමකින් පසුවයි ඔවුන් මුදා ගැනීමට හැකිව ඇත්තේ.
තම වී වගාවන් වන අලීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ගොවීන් මීට දින කිහිපයකට පෙර තම නිවෙස්වලින් පිටව ගොස් තිබෙනවා.
එහිදී ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ඇතිවී ගංවතුර තත්වය හේතුවෙන් මෙම ගොවියන් ගංවතුරට කොටුවී ඇති බවයි වාර්තා වන්නේ.
එක්වරම ඇතිවූ ගංවතුර සමඟ ගොවීන් සිය පැල් අත්හැර දමා ගස් මතට නැග දිවිබේරාගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස මුදාගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ත් 55 ත් අතර ගොවීන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් මුදාගෙන රැගෙන ආ අයුරු පහතින්.

(දර්ශන – මනම්පිටිය නිමල් ජයරත්න)