Politics Sri Lanka

ගංජා සමග ශ්‍රී පාදය වඳින්න ගිය තරුණයන් 62ක් අත්අඩංගුවට

ගංජා සමග ශ්‍රී පාදය වඳින්න ගිය තරුණයන් 62ක් අත්අඩංගුවට

කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 62ක් ගතවු දෙදින තුළ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.

සතිඅන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හා හැටන් පොලිස් නිළ සුනඛ කොටිඨාශයේ කෝරා සුණඛයාගේ සහයෝගය මත වටවල දියගල ප‍්‍රදේශයේදී සිදුකරයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් අවුරුදු 20 – 30 වයස් කණ්ඩවල පසුවන තරුණයන් බවත් ඔහුන් ගාල්ල, මාතර, ගමිපහ, කොළඹ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් 39ක් ඊයේ (03) හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස. කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් හෙට (05) දින හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් පුද්ගලික ඇප කර මත මුදාහැර ඇත.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමේදී මත්ද්‍රව්‍ය රැගෙන නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ව දැනුවත් කරයි.

එයට පටහැනිව ක්‍රියා කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් දුම්රියස්ථානය, වටවල දියගල පොලිස් මාර්ග බාධකය, ගිනිගත්හේන මාවුස්සාකැලේ පොලිස් මුරපොළ, නෝටන්බ්‍රීජ් පොලිසිය, නොර්වුඩ් පොලීසිය සහ නල්ලතන්නිය යන පොලිස් බල ප‍්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂයෙන් පුහුණූ කරන ලද පොලිස් නිළධාරීන් නිළ ඇදුමින් සහ සිවිල් ඇදුමින් දිවා රාත්‍රී දෙකෙහිම රාජකාරියේ යොදවා ඇති බව හැටන් පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතා පවසයි.

මෙවැනි වැටලීම් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වනතෙක් සිදු කිරීමට පොලිසිය සැලසුමි කර ඇත.