Gossips

ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිරාඳුරුකෝට්ටේදී ප්‍රහාරයක්

ගිරාඳුරුකෝට්ටේ – තෙල්දෙණියාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.
එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිරාඳුරුකෝට්ටේ පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මේ වනවිට මහියංගණය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
ලද තොරතුරකට අනුව ඊයේ (16) පස්වරු 4.30 ට පමණ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරාදුරුකෝට්ටේ පොලිසියේ නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගොස් තිබුණා.
එහිදී ජාවාරම්කරුවන් පොලීසියට විරෝධය දක්වමින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හදුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.