Gossips

ගංජා රැගෙන ඩුබායි යාමට ගිය කාන්තාවක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍ය වෙත ගංජා කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකාරිය ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙසට පිටත්ව යාමට සූදානමින් ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බව සඳහන්.
ඇය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයට ලැබී තිබු තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුනා.
මෙම කාන්තාව රැගෙන ආ ගමන් මල්ලේ අසුරා තිබූ කුලු බඩු අඩංගු පාර්සල් කිහිපයක් අතර ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 94 ක් පාර්සල් වශයෙන් සකස්කර සඟවා තිබු බව සඳහන්.
ඒවායෙහි වටිනාකම රුපියල් 837000 ක්.
සැකකාරිය සහ ගංජා තොගය වැඩිදුර විමර්ශණ සඳහා ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.