Gossips

ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ සැකකරුවෙකු බියගමදී අල්ලයි

බියගම – වල්ගම ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122 යි ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බියගම පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදියි අත්අඩංගුවට ගත් මොහු 41 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.