Gossips

ගංජා කුඩු කිලෝ 44ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේදී වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් හතලිස් හතරක් 44ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට අධික බවයි පොලිසිය පැවසුවේ.
ඊට අමතරව සැකකරුවන් සන්තකයේ තිබූ ගංජා කුඩු බවට පත් කරන යන්ත්‍රයක් සහ එම යන්ත්‍රය ක්‍රියා කරවන අත්ට්‍රැක්ටරයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බෙගමුව සහ සූරියආර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන්.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.