යාපනය – පුම්බුකාර් වෙරළ තීරය ආසන්නයේදී ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් – වසන්ත නගර් හි පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
