කොස්ලන්ද – මහලන්ද ප්‍රදේශයේදී ගංජා කිලෝ 4 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46 ක් වන ඌව – මවෙලගම – දෙහිලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
කොස්ලන්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
