Gossips

ගංජා කිලෝ 2ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ගංජා කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන විදෙස්ගතවීමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මහනුවර පදිංචිකාරිනියක වන 48 හැවිරිදි ඇය යූ.එල්. 225 දරණ යානයෙන් පස්වරු 6.35ට ඩුබායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, පසුව පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හමුවී තිබෙනවා.
කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 94ක් බරැති ගංජා තොගය කුළු බඩු අසුරණ සමඟ එහි තිබූ බවයි ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ.
එම ගංජා තොගයේ වටිනාකම රුපියල් අට ලක්ෂ 37,000ක් ලෙස ගණනය කර තිබෙනවා.