Gossips

ගංගාරාමය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව, පස්වරු 5 සිට විහාරස්ථානය අවට මාර්ගවල රථ වාහන ගමනාගමනයට සීමා කිරීමටයි නියමිතව ඇත්තේ.
ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහර මාවත, හුණුපිටිය වැව පාර, බේබෲක් පෙදෙස ඇතුළු මාර්ග කිහිපයක මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.