Gossips

ඛනිජ තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය වර්ජනයකට සැරසෙනවා.
එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ තම ගැටඵවලට විසදුම් නොලැබුණහොත් සිකුරාදා සිට මෙම වර්ජනය දියත් කරන බවයි.
මේ අතර, සැලසුම් කර ඇති පරිදි දුම්රිය වර්ජනය අද දිනයේ දියත් කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා.
අද පස්වරු 4ට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.
වර්ජනය සඳහා වෘත්තීය සමිති 40ක පමණ සහය හිමි වන බවයි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියේ.