Gossips

කෝවිලේ තිබු රන් භාණ්ඩ සොරාගනී

බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.
අද (27) උදෑසන මෙම කොල්ලය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
මෙම සොරකම සිදුකළ පුද්ගලයින් විසින් කෝවිලේ තිබු රණ් ආභරණ සහ පිං කැටයේ තිබු මුදල් ද සොරාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.