Gossips

කෝවිලක් අසල අයෙක් මරුට

යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසලදී ඊයේ (10) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නෙල්ලිඅඩි පොලීසිය පවසනවා.
කරවෙඩ්ඩි කිරායි තිරුපිල්ලයාර් හින්දු කෝවිල අසලදී ඊයේ රාත්‍රි 11.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු කෝවිලේ බැම්මක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
බැම්මෙහි වැදීමෙන් යතුරුපැදිකරු අසල පිහිටි පොකුණට විසිවී ගොස් වැටි ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් එම පුද්ගලයා පොකුණතුලම මිය ගොස් ඇති බවට සිදු කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ කිරායි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කන්දසාමි බාලසුබ්‍රමණියම් නැමත්තෙකු වන අතර අදාල පුද්ගලයා පොකුණ තුල දියෙහි පාවෙමින් දැක ඇත්තේ අද (11) උදෑසන බවටද පරික්ෂණ සිදු කළ නෙල්ලිඅඩි පොලීසිය සඳහන් කළ.