Gossips

කෝලි පිත්තෙන් දස්කම් දක්වයි

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්තය අතර, බර්මින්හැම් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ් එංගලන්ත පිල සිය මුල් ඉනිම සදහා ලකුණු 287 ක් රැස් කර ගත්තා.
පිළිතුරු වශයෙන් ඉන්දියාව මුල් ඉනිම සදහා ලකුණු 274 ක් රැස් කළා.
එහිදී නායක විරාට් කෝලි ලකුණු 149 ක් රැස් කර ගත් අතර, අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාවට පැමිණීමට හැකිවූයේ නැහැ.
ඊයේ තරගය නතර කරන විට එංගලන්තය සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 09 ක් ලබා සිටියා.