Gossips

කෝලි අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුරු කරයි

එංගලන්තය සමඟ පැවති 4 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දීය පිළ ලකුණු 60ක පරාජයක් ලැබුව ද, නායක විරාට් කෝලි අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.
දෙවන ටෙස්ට් තරඟයෙන් පසු ස්ටීවන් ස්මිත්ට දෙවැනි වූ කෝලි නැවතත් ප්‍රමුඛස්ථානය හිමි කර ගත්තේ වාර්තාගත ලෙස ප්‍රසාද ලකුණු 937ක් රැස් කර ගනිමින්.
29 හැවිරිදි විරාට් කෝලි මෙවර එංගලන්ත චාරිකාවේදී ටෙස්ට් ලකුණු 4000 ඉක්මවූ ප්‍රථම ඉන්දීය ක්‍රිකට් නායකයා බවට පත්වුණා.