එංගලන්ත සංචාරයේදී ඉන්දීය පිළ දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඉන්දීය නායක විරාට් කෝලිට අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛ ස්ථානය අහිමි වී තිබෙනවා.
සචින් තෙන්ඩුල්කාර්ට පසු අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි කර ගත් ප්‍රථම ඉන්දීය පිතිකරු වූ කෝලිගේ තැන දැන් හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ටයි.
ටෙස්ට් පිතිකරු දර්ශකයේ 7 වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්නට හිමි වී ඇති අතර, දිනේෂ් චන්දිමාල් 8 වන ස්ථානයේ පසුවනවා.
අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ 18 වන ස්ථානය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.
මේ අතර, ඉයන් බොතම්ට පසු ප්‍රසාද ලකුණු 900 ඉක්ම වූ ප්‍රථම එංගලන්ත ක්‍රීඩකයා ලෙසින් අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව සිටිනවා.
