Gossips

කෝලිගේ බැංගලෝර් පිළ අවදානමේ

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමේ තර්ජනයකට ලක් කරමින්, සන්රයිසස් හයිද්‍රාබාද් පිළ ඔවුන්ට එරෙහිව ඊයේ (07) ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කළා.
හයිද්‍රාබාද් පිළ සිය පන්දු වාර 20 තුළ දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 146ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු වශයෙන් බැංගලෝර් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 06ක් දැවී ලබා ගත්තේ ලකුණු 141ක් පමණයි.
දෙපිළටම තීරණාත්මක වූ මෙම තරඟයේ බැංගලෝර් ඉනිමේ අවසන් පන්දුවාර ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.
එම පන්දුවාරය තුල ජයග්‍රහණය සඳහා බැංගලෝර් කණ්ඩායමට ලකුණු 12ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණා.
කෙස් වෙතත් අවසන් පන්දුවාරය යැවූ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් එම පන්දුවාරය තුලදී අවසන් පන්දුවේදී කඩුල්ලක් ද දවාගනිමින් ලබාදුන්නේ ලකුණු 06ක් පමණයි.
අවසන් පන්දුවාරය තෙක් දෙපිළටම් විවෘතව තිබූ තරඟය හයිද්‍රාබාදය දෙසට හරවාගන්නට බුවනේශ්වර් කුමාර් අවසානයේදී සමත් වූ බවයි විස්තර විචාරකයින් පවසා සිටියේ.
බුවනේශ්වර් කුමාර් යැවූ බැංගලෝර් ඉනිමේ අවසන් පන්දුවාරය පහතින්.
rnrnrnrnrnrnrnrn