Gossips

කෝලිගේ ජාත්‍යන්තර ශතකය අභිබවා කොදෙව් පිල ජයගනී

නායක විරාට් කෝලි සිය 38 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ද ඉන්දියාව පරදවා ලකුණු 43 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව්පිල ඊයේ (27) සමත්වුණා.
පූනේ හිදි ඊයේ පැවති තුන්වන එක්දින තරඟය මෙලෙස ජයග්‍රහණය කිරීමත් සමඟ ඉන්දු – කොදෙව් එක්දින තරඟාවලිය ජයග්‍රහණ එකට එකක් ලෙස සමවනවා.
ඊයේ පැවති තරඟයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ආරාධනා කළා.
ඔවුන් සිය පන්දු වාර 50 තුළදී කඩුලු 09 ක් දැවී ලණු 283 ක් ලබාගැනීමට සමත්වුණා.
ෂායි හෝප් එහිදී කොදෙව් පිල වෙනුවෙන් ලකුණු 95 ක් රැස් කළ අතර, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 35 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා.
පිළිතුරු වශයෙන් ඉන්දීය පිලට 48 වන පන්දු වාරයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 240 ක් පමණයි.
එහිදී නායක විරාට් කෝලි ලකුණු 107 ක් රැස් කළ අතර, අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 35 ඉක්මවීමට හැකිවූයේ නැහැ.
ඉන්දියාව සහ කොදෙව් පිල අතර 04 වන එක්දින තරඟය හෙට (29) මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.