එක්දින ක්රිකට් තරගවලදී වේගවත්ම ලකුණු දස දහස ලබා ගත් ක්රීඩකයා බවට පත් වීමට ඉන්දීය නායක විරාට් කෝලි අද සමත් වුණා.
ඒ විශාකා පට්නම්හි කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි.
මීට පෙර එක්දින තරගවලදී වේගවත්ම එක්දින ලකුණු දස දහස ලබා ගැනීමේ වාර්තාව සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබුණේ ඉනිම් 259 කට එක්වෙමින් වන අතර, විරාට් කෝලි එම වාර්තාවට අද හිමිකම් කීවේ ඉනිම් 205 කට පමණක් එක්වෙමින්.