මඩකලපුව – කෝරලේපත්තු උතුර ප්රාදේශීය සභාවේ සභාපතිවරයා අද (10) අත්අඩංගුවට ගැනුනා.
ඒ, පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙලෙස අත්අඩංගුවට ගැනුනේ පසුගිය පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ කර කෝරලේපත්තු උතුර ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ එස්. කෝණලිංගම් නැමැත්තෙක්.
සභාපතිවරයා ලෙස අද තේරී පත්වීමෙන් අනතුරුව මෙලෙස ඔහු පොලීසියට භාරවී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ග්රාම නිලධාරිවරයෙකුද අත්අඩංගුවට ගත් බවයි වාකරේ පොලීසිය සඳහන් කළේ.
