Gossips

කෝපායි බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

යාපනය – කෝපායි බල ප්‍රදේශයේ සියලූම ග්‍රාම නිලධාරිවරුන් අද උදෑසන සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට විරෝධය දක්වමින්.
පසුගිය 29 වනදා යාපනයේ නිවසක පිහිටුවා තිබූ ග්‍රාම නිලධාරි කාර්යාලයකට පහරදී තිබූ අතර, එහිදී අදාළ කාර්යාලයේ තිබූ භාණ්ඩවලට ද හානි කර තිබුණා.