පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි තේරී පත්වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ කෝප් කමිටුවේදී තමා ඒකඡුන්දයෙන් සභාපති ධුරයට තේරී පත්වූ බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.
කෝප් කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විතයි.
