අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගන්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් අය පිළිබද තොරතුරු හෙළිවන මෙම කාලසීමාවේදී කෝප් කමිටුවේ සිටින මුදල් නොගත් සාමාජිකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙසයි.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ කථානායකවරයා වෙත ලබාදී ඇති බව ඔහු සදහන් කළා.
