කෝප් කමිටුවේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අතරතුර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ මන්ත්‍රීවරුන් යළිත් එහි සාමාජිකයන් ලෙස පත් කිරීම සදාචාරාත්මක නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කෝප් ඇතුළු අනෙකුත් කමිටුවල සාමාජිකත්වය ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටද ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් කළ ඉල්ලීමෙන් අනතුරුවයි.
