පන්නිපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කිරිබත්ගොඩ – වෙඩිකන්ද ප්‍රදේශයේදී අද උදෑසන මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුම්වලින් සැරසී පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණා.
