Gossips

කෝටි 700 ක දියමන්තියක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් දියමන්තියක් ඇතුලූ මැණික් ගල් තොගයක් කොල්ලකෑ කල්ලියක සාමාජිකයෙකු මිරිහාන අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී සොයා ගත් කොල්ලකන ලද දියමන්තියේ හා මැණික් ගල් තොගයේ ඡායාරූපවලට අනුව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
එම දියමන්තියේ සහ මැණික් ගල් තොගයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබූ බව සදහන්. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, එදින ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.