Gossips

කෝටි 700යේ දියමන්ති කොල්ලයට යොදා ගත් බවට සැකකෙරෙන අත්විලංගුවක් මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසින් හමුවේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ වෙඩික්කරුවෙකු වන හමුදා සෙබලෙකුගේ නිවසක තිබී හමුදා නිල ඇදුම් ඇතුළු යුධ උපකරණ තොගයක් පොලීසිය අද සොයාගෙන තිබෙනවා.
එහිදී අත් විලංගුවක් ද හමුවී ඇති අතර එය පන්නිපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 700යේ මැණික් සහ දියමන්ති කොල්ලයට යොදාගත් එකක් බවට සැකකෙරෙන බවයි විමර්ශණ සිදු කරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
වැටලීමේදී කඹුරුපිටිය නිවසේ සිටි හමුදා සෙබලාගේ පියා ද පොලිස් භාරයට ගැණුනා.
මෙම සැකකරු, පසුගිය වසරේ නොවැම්බර් මස 04 වනදා හක්මන කැබිලියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වනවා.
සපුගස්කන්ද ආරක්ෂක සේවා, අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය කරන සෙබලෙකු වන මොහු මේ වනවිට අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.