Gossips

කෝටි 6ක මත්කුඩු සමඟ ඇල්ලූ සැකකරුට, වැලිකඩින් දුරකථන ඇමතුම්

රුපියල් කෝටි 06කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් සමග කඩුවෙලදී අත්අඩංගුවට ගත් සැකකරුට, පොලිස් භාරයේ සිටියදී වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයකු වන උපාලි නැමැත්තාගෙන් මෙම දුරකථන ඇමතුම් ලැබි ඇති බවයි සිද්ධිය පිළිබදව විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඊයේ රාත්‍රී 08 යි 50 ට පමණ මාලඹේ – කඩුවෙල මාර්ගයේ පට්ටියවත්ත පාර මංසන්ධියේදි හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සැකකරුවෙක්.
මොහු දීර්ඝ කාලයක් දිවයින පුරා, මත්කුඩු බෙදාහැරිමේ ජාවාරමේ නිරතව සිටි බවට මුලික ප්‍රශ්ණ කිරිම් වලදි හෙලිවී තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් පසු මත්කුඩු බෙදාහැරිය යුතු ස්ථාන කිහිපයක් පිළිබඳ සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයෙන් මෙලෙස දුරකථන ඇමතුම් ලබා දි ඇති බව සඳහන්.