Gossips

කෝටි 500 දියමන්තිය සමඟ ඇල්ලූ කැවුමා ගේ නවාතැන් දෙකකින් දුරකථන 126 ක්, ජීව උණ්ඩ, රත්‍රං සහ මාංචු සොයාගැනේ

කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා ගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රත්‍රං පවුම් 40 ක්, සහ පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 37 ක් වටිනා සුරයක්ද පොලිස් භාරයට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව කණ්ඩායම් දෙකක් යොදා ගෙන මෙම දියමන්ති කොල්ලය කැවුමා විසින් මෙහෙයවා ඇති බවයි.
ඔහු අද මහර අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම දියමන්තියේ හිමිකරු එය තමාගේ දියමන්තිය බව තහවුරු කරගත් බවත්, ඔහුටද දියමන්තිය ලැබුණු ආකාරය ගැන වෙනම විමර්ශනයක් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළා.

rnrn