Gossips

කෝටි 5 ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය – කන්දකුලිය වෙරළ තීරයේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර කියා සිටියේ එම රත්‍රංවල වටිනාකම රුපියල් කෝටි 5 ක් පමණ වන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ රත්‍රං ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට පියවර ගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.