Gossips

කෝටි 3ක හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 3ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහු අද අලූයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි.
39 හැවිරිදි මෙම පාකිස්තාන ජාතිකයාගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මෙම පුද්ගලයා 2014 වසරෙන් පසු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 6 වන වතාවටයි.