Gossips

කෝටි 120ක හෙරොයින් වැටලීමට එක්වූ නිලධාරීන්ට ජනපතිගේ ප්‍රණාමය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 120කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22ක් වැටලීමට සමත් වූ නාවික හමුදාවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසාදය පළ කළා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දියඹට හඹා ගොස් වැටලීම් සිදුකළ සුරනිමල නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙන්ම, මෙහෙයුමට දායක වූ නාවික හමුදාපතිවරයා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සිය ප්‍රණාමය පුද කරන බවයි.
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 9 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වන දා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදුන්නේ.