Gossips

කෝටි 110ක හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු පිළියන්දල සහ වැල්ලවත්ත ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 110කට කට අධික බව සඳහන්.
මෙහිදී වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදියි පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ.