Gossips

කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට

මිලියන 1080 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ඉතිරි සැකරුවන් ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ පළමුවන මහලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදීයි.