රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ ඊයේ (22) අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනා සහ ඇෆ්ගන් ජාතිකයා මෙහෙයවා ඇත්තේ තවත් විදේශිකයින් දෙදෙනෙකු බවට තොරතුරු ලැබී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේදී සහ ගෝල්ෆේස් ටෙරස් මාර්ගයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදී මෙම ඇමරිකානුවන් දෙදෙනා සහ ඇෆ්ගන් ජාතිකයා ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ වැටලීමකදීයි.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 95ක් සොයා ගැනුණු අතර, මත්කුඩු මිලට ගැනීම සදහා පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගැණුනා.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1141ක් බවට ගණන් බලා තිබෙනවා.
පොලිස් භාරයට ගැණුනු විදේශිකයින් අද (23) කොටුව මහේ්ස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ලබන 29 වනදා දක්වා රඳවා තබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
මේ අතර, වසරේ ගත වූ දින 22 තුළ හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 2557 දෙනෙකු පොලීිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 107 යි ග්‍රෑම් 43 ක්.
එසේම, එම කාලසීමාවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී ගංජා ළඟ තබා ගත් සැකකරුවන් 2432 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු අතර, ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 110 ක් බවයි පොලීසිය කියා සිටියේ.