රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද දිවයිනට පැමිණි මොවුන් අතර, ඉන්දීය ජාතිකයන් 6 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් තුන්දෙනකු සිටින බවයි රේගුව සඳහන් කළේ.
කැරට් විසිහතරේ රන් කැබලි 59ක් ඔවුන් සතුව තිබූ අතර, ඒවායේ බර කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 271 ක්.
මෙම පිරිස රන් කැබලි මුඛයේ සහ ඇඳුම්වල සඟවාගෙන පැමිණ ඇති බවටයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් තුන්දෙනා වවුනියාව, මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 23, 52 සහ 64 යන වයස්වල පසුවන්නන්.
