Gossips

කෝටි දෙක හමාරක හෙරොයින් කොටහේනෙන් අල්ලයි

රුපියල් කෝටි දෙකහමාරක් වටිනා හෙරොයින් කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කොටහේන – පැරඩයිස් ක්‍රීඩාංගණය අසළදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින්.
අත්අඩංගුවට ගත් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.