මීගමුව ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි දෙකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 24 වැනිදා මීගමුව නගරයේ පිහිටි හෝටලයකදී මෙම මැණික් ගල සහ එහි හිමිකරු පැහැරගෙන ගොස් තිබුණේ මැණික් ගල අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි.
එහිදී පැහැරගත් පිරිස විසින් මැණික් ගලේ හිමිකරු සතුව තිබූ රුපියල් 50,000 ක මුදලක්ද කොල්ල කා තිබුණා.
ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් ඊයේ හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 32, 34, 39 සහ 48 හැවිරිදි සැකකරුවන් වයික්කාල, හෝමාගම, බංගදෙනිය සහ වඩුමුන්නේගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
