Gossips

කෝටි දෙකහමාරක කේරළ ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයකින් කේරළ ගංජා කිලෝ 220 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද දහවල් 12.30 ට පමණ නවතා පරීක්ෂා කිරීමේදීයි ගංජා තොගය හමුවී ඇත්තේ.
මෙම කේරළ ගංජා ජාවාරමේ ප්‍රධාන සැකකරු වෑන් රථයට පෙර මෝටර් රථයකින් ගමන් කර ඇති අතර වෑන් රථය නතර කිරීම හේතුවෙන් එම මෝටර් රථය පළාගොස් තිබෙනවා.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
මෙම ගංජා තොගයෙහි වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක් පමණ වන බව සඳහන්.