රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (11) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
ඔහු සතුව තිබී කිලෝ 04 කුත් ග්රැම් 43 ක් බර රත්‍රන් වළලු 423 ක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් පමණ වන බවයි රේගුව ප්‍රකාශ කළේ.
