නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පිටකොටුව – ඔරලෝසු කණුව අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි. දුම්වැටි ලක්ෂ 4ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නැව් අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවට අනාවරණ වී ඇති බවයි.
එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.