Gossips

කෝටි තුනකට ආසන්න විදෙස් මුදල් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් දෙකෝටි 75 ලක්ෂ 24,000ක් වටිනා ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට පැමිණි චීන සහ නේපාල ජාතිකයින් සිව් දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් මෙරටට පැමිණ කැසිනෝ ක්‍රීඩාවේ නිරත වීමෙන් අනතුරුව මෙම මුදල් ජයග්‍රහණය කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙලිව තිබෙනවා.