කෝටි 6ක මත් කුඩු සමඟ ‘ජීවන් මල්ලි’ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජීවන් මල්ලි නැමැත්තා හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමඟින් අද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සැකකරු විසින් එම හෙරොයින් තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාකොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 6ක් බවටයි වාර්තා වන්නේ.
