රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව – ගල්වාන හන්දියේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. 
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි. 
අත්අඩංගුවට ගත් 51 සහ 61 හැවිරිදි පුද්ගලයින් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.



