රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ අත්බෑගයේ තිබී රන් බිස්කට් 20 ක් සොයාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 46 ක් වයසැති මහනුවර – දෙයියන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
