Gossips

කෝටියක රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා සිය අත්බෑග තුළ රත්‍රං කිලෝවකට වැඩි ප්‍රමාණයක් රැගෙන විත් ඇති බව සඳහන්.
එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව ගුවන් තොටුපළ පොලීසිය සඳහන් කළා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල