Gossips

කෝටියක් වටිනා වාලම්පූරියක් ළග තබාගෙන සිටි පොලිසියේ 4 ක් කොටු (ඡායාරූප)

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් වාලම්පුරියක් ළග තබාගෙන සිටි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 9.15 ට පමණ හික්කඩුව පොල අසලදී වාලම්පුරියක් විකිණීමට යන බවට හික්කඩුව පොලිසියට ලැබුනු තොරතුරකට අනුව නිලධාරීන් 4 දෙනෙකු එම ස්ථානයට ගොස් වාලම්පුරිය සිය භාරයට ගෙන සැකකරුවන් පළවාහැර ඇති බවට ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදු කළ විමර්ශණයකදී එම වාලම්පුරිය ළග තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් 3 දෙනෙකු අද සවස 2.40 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ගාල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගාල්ල පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.